මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නට වත් බැරිනිසා
මම ගියා අව්කන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
කලාවැව ලඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා
මෙය සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයකි...
No comments:
Post a Comment