මු.ලි: මෙය සත්‍ය කතාවකි. නම්, ගම් සඳහන් නොකර ඉන්න එක හොඳයි කියා සිතුවෙමි. ඒ අහවල් එකක් නිසාදැයි පසුව කියමි.
කථා වස්තුව මෙසේ ආරම්භ කරන්නම්කො. ඔන්න එහෙනම් පටාන් ගත්තා.. මේ අවුරුද්දේ මුල තමයි මේ කතාව පටන් ගත්තෙ. ආරාධනාවක්...! එසේ මෙසේ ආරාධනාවක් නෙමෙයි සොෆ්ට් වෙයාර් කොම්පැනියක් දාන්න..පිස්සු කොරzz කියහන්කො. මාත් ඉතින් සත්වයාගෙ කෙරුවාව හොඳට දන්න නිසා වැඩිය ගන්න ගන්නේ නැතුව ඔහේ "හා" කියල දැම්ම. අහ්..! සත්වයා කියල වාසගම වැටුනෙ මේ ලඟදිනේ. මුල්ම වසගම නොකියා ඉමුකො.

ටික දවසක් ගියා. මෙන්න යකෝ මේක අයිමත් දවසක කතා කරනව කොම්පැනි එකක් දාන්න.. මේක දුන්න පොර ටෝක්ස් ටිකක් මෙන්න මේ වගේ.. " මචන් අකා..! මට සෙට් උනා පට්ට වැඩක්. හැබැයි මේ වැඩේට අපි පිළිවෙලට යන්න ඕන. විසිටින් කාඩ් 1ක් තිබ්බ නම් මරු. " යකෝ මේ මොන හෙන ගෙඩියක් පාත් වේගන එනවද කියල මම කල්පනා කලා. කොම්පැනි දාන්න කතා කරනව මදිවට මේක කාඩ් (විසිටින් කාඩ්) ගහන්නත් කතා කරනව. මාත් ඉතින් කතාවට බැස්සා. " ඕකට කියක් විතර යයිද බන්..." මොකෝ අපි ජොබක් කරනවැයි. "මන් අඩුවට වැඩේ සෙට් කරන්නම්කො. උඹ එනවද කියපන් ඔක්කෝටම කලින්..." ඔන්න ඔහොම මේක මගෙන් අහනව. කොටි වලිගෙ අල්ල ගත්ත නම් ඉතින් මොනා කරන්නද, මාත් ඉතින් "හා" කිව්වා.
කොහොමෙන් කොහොමෙන් හරි කාඩ් ටික අඩුවට කෙසේ වෙතත් ගැහුව කියමුකො.. වැඩේ කියන්නේ මේකා මට තාමත් ඔය කාඩ් ගැහිල්ල නිසා රුපි:250ක් ණයයි..(ජොබක් කරන්නැති මට 250ක් කියන්නෙ කියක්ද කියල කියන්න ඕන නෑනෙ මචන්ලා..) හැබැයි මේ වෙනකන් ඒ ගැන කිසි කතාවක් නෑ... ඒකට මතකද දන්නෙත් නෑ..
මතුවට සම්බන්ද කරමු නේද.. කමක් නෑනේ..!
ප.ලි: මේ ගැන ලියනවද නොලියනවද කියල හුඟ දවසක් කල්පනා කර කර ඉන්න අතරෙ, ඊයෙ පෙරෙදා අහන්න ලැබුන දෙයක් නිසා ලියන්න හිතුවා. බලන්නකො ඊලඟ පෝස්ට් එකත් කියවල ඔයාලගෙ බිස්නස් පාට්නරුත් මේ වගේද කියලා..
No comments:
Post a Comment