මංජුසාව
Tuesday, August 9, 2011
නියම සැනසුම...
ගව් ගණන් දුර
ඇවිද ගියමුත්
නියම සැනසුම
හමු නොවූ සඳ...
ඇවිත් නැවතී
හිඳිමි මේ ලෙස
කවුරුවත් නැති
සොඳුරු ඇරණක...
" වැටහුනේ පමාවී... "
කල්ප ගණනක්
නුඹ බැස යන්න ඇති
නුඹ නවතීවි දැයි
මා
බලා ඉන්න ඇති
වැටහුනේ
පමාවී
අරුත නුඹ
කියාදෙන
නැවතිය යුත්තේ
නුඹ නොව
මා බව...
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)